ඒසර් මාකටින් ෆිට්නස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ හරීන්ද්‍ර එලදැත්ත මහතා විසින් රචිත ග්රන්ථ ද්විත්වයක් පසුගියදා දොරට වැඩීම සිදු විය. සිංහල බසින් රචිත ‘ව්‍යායාම අවශ්‍යමද’ යන ග්‍රන්ථය සහ ඉංග්‍රීසි බසින් රචිත Fitness of Human Being යන ග්‍රන්ථය මෙලෙස එළිදක්වන ලදී.
සියලුම ඒසර් මාකටින් ෆිට්නස් ප්‍රදර්ශනාගාරවලින් නොමිලේ ලබා ගත හැකි මේ ග්රන්ථ ද්විත්වය මගින් ඉතා සරල ලෙස වත්මන් සමාජයේ ජනතාවට ව්‍යායාම අත්‍යවශ්‍ය වන්නේ ඇයිද යන කාරණය විග්රහ කර තිබේ.
වර්තමාන වෙළෙඳපොළේ ඇති ශාරීරික ව්‍යායාම උපකරණ භාවිතා කිරීමට කිසිදු පෙළඹවීමක් හෝ කායවර්ධන මධ්‍යස්ථානවලට යැමට ජනතාව උනන්දු කිරීමක් සිදු නොවන බැවින් ඒ සඳහා විසඳුමක් ලෙස තමන් මේ ග්රන්ථ ද්විත්වය සමාජගත කරන බව ඒසර් මාකටින් ෆිට්නස් සමාගමේ කළමණාකාර අධ්යක්ෂ හරීන්ද්‍ර එලදැත්ත මහතා පැවසීය. දිනෙන් දින තරුණ පිරිස් අවාසනාවන්ත ලෙස මත්ද්‍රව්‍යවලට යොමු වන බවත්, ඒ වෙනුවට ඔවුන් ශාරීරික ව්‍යායාම වෙත යොමු කර මතින් තොර දේශයක් සඳහා ව්‍යායාම යන තේමාව ඔස්සේ සියලුම රාජ්‍ය හා පෞද්ගලික සංවිධාන සමග තම ආයතනය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඒ මහතා පැවසීය. එහිදී සියලුම ව්‍යායාම උපකරණ අලෙවි ආයතන, සියලුම කාය වර්ධන මධ්‍යස්ථාන, ශාරීරික ව්‍යායාම උපදේශකවරුන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් සමග අත්වැල් බැඳ ගැනීමට ඒසර් මාකටින් ෆිට්නස් ආයතනය බලාපොරොත්තුවෙන් සිටින බව පැවසූ එළදැත්ත මහතා සියලුම මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් සඳහා තම ආයතනය ඉදිරියේදී අනුග්‍රහය දැක්වීමට අපේක්ෂාවෙන් සිටින බවද ප්‍රකාශ කළේය.